November, 10, 2014
ජෙට් වින්ග් ව්‍යාපාරික සමූහයට සම්බන්ධ පාර්ශවයන්ට අයත්වූ වසර 35 කට වඩා පැරණි Trade Finance & Investments PLC සමාගමේ සියයට 96.89 ක පාලිත කොටස් ප්‍රමාණය රුපියල් බිලියන 1.5 කට ආසන්න මුදලකට පසුගිය අගෝස්තු 04 වනදා මිලදීගත් කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම එම සමාගමේ ඉතිරි කොටස් ප්‍රමාණයද මිලදී ගැනීමට කටයුතු කර තිබේ.
මේ අනුව, කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම විසින් Trade Finance & Investments PLC සමාගමේ ඉතිරි කොටස් ප්‍රමාණය මිලදී ගැනීමට සිදුකළ අනිවාර්ය අර්පණය (Mandatory Offer) යටතේ තවත් සාමාන්‍ය කොටස් 825,340 ක් මිලදී ගෙන තිබෙන අතර මේ සමග කොමර්ෂල් ක්‍රෙඩිට් සතු කොටස් ප්‍රමාණය මිලියන 55.8 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මීට අමතරව, Trade Finance & Investments PLC සමාගමේ සෙසු කොටස් කරුවන්ට අයත් කොටස් 937,906 ක් හෙවත් සමාගමේ සාමාන්‍ය ඡන්ද සහිත කොටස් වලින් සියයට 1.65 ක ප්‍රමාණය කොටසක් රුපියල් 28 ක් බැගින් මිලදී ගැනීමටද කොමර්ෂල් ක්‍රෙඩිට් අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.
Trade Finance & Investments PLC සමාගම විදේශීය මුදල් මාරු කිරීම (Foreign currency exchange) ස්ථාවර තැන්පතු හා රන් උකස් ගැනීම (Fixed Deposits and pawning), කල්බදු (Hire Purchases), පුද්ගලික ණය (Personal loans) යන ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින අතර කොළඹ යුනියන් පෙදෙසේ ප්‍රධාන කාර්යාලය හැරුණු විට යාපනය, කිලිනොච්චිය, මඩකළපුව, මීගමුව යන ප්‍රදේශවල ශාඛා පවත්වාගෙන යයි.
Video Story