November, 17, 2014
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගමට අනුබද්ධ සමාගම් 08 ක් රුපියල් මිලියන 740 කට අබේර්ඩීන් හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඩ් (Aberdeen Holdings) සමාගමට විකුණා තිබේ.
එක්පෝලංකා හෝල්ඩින්ග්ස් පවසන්නේ සමාගමේ සිදුකරමින් සිටින ව්‍යුහාත්මක වෙනස්කම්වල කොටසක් ලෙස මෙම විකුණා දැමීම කළ බවයි.
මීට අමතරව, එක්පෝලංකා වෙත අයත්ව තිබූ අවිස්සාවේල්ලේ අංක 245/49 සහ අංක 245/50 යන ස්ථානවල පිහිටි ඉඩම්ද අබේර්ඩීන් හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඩ් (Aberdeen Holdings) වෙත රුපියල් මිලියන 421 කට විකිණීමට එක්ස්පෝලංකා විසින් ගිවිසුමකට එළඹ තිබේ.
අබේර්ඩීන් හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඩ් (Aberdeen Holdings) හි, ලොකුම කොටස් කරුවෙකු වන්නේ එක්ස්පෝලංකා සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ඔස්මාන් කාසිම් මහතා බව සඳහන්ය.