ලයන් බීර, බිලියන දෙකේ ණයකරයත් “චියර්ස්“

    November, 17, 2014

    රුපියල් බිලියන 02 ක් රැස්කර ගැනීම සඳහා ලයන් බෘවරි සිලෝන් පී.එල්.සී. සමාගම විසින් සිදුකිරීමට නියමිත ණයකර නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදෙයි.

    මෙම නිකුතුව විවෘත වන්නේ 2014 නොවැම්බර් 28 වනදායි.

    මෙහිදී, මුලින් රුපියල් 100 ක් වන ණයකර මිලියන 10 ක් නිකුත් කරන අතර ඒ සඳහා අධි ඉල්ලුමක් ඇති වන්නේ නම් තවත් ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

    නිකුතුව කළමනාකරණය කරන්නේ එන්.ඩී.බී. ආයෝජන බැංකුවයි.