ඉදිරියේදී රටට වැඩි සේවයක් කරනවා -මෛත්‍රීපාල

    November, 21, 2014

    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි කටකතා පැතිරෙද්දී තමන් ඉදිරියේදී රටට වැඩි සේවයක් කිරීමට බලාපො‍රොත්තු වනබව ඔහු පවසයි.

    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහසක් පළකළේ අද පෙරවරුවේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

    මෙහිදී, ඔහු පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සේවය කළ වසර 05 ක කාලය තුළ තමාට සහයෝගය ලබාදුන් සියලු දෙනාට බෙහෙවින් ස්තූතිවන්ත වන බවයි.