November, 21, 2014
රුපියල් බිලියන 04 ක් රැස්කර ගැනීමට හැටන් නැෂනල් බැංකුව නිකුත් කිරීමට යන ණයකරය ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදී ඇත.
මෙම නිකුතුව යටතේ මුලින් ණයකර මිලියන 30 ක් නිකුත් කරන අතර අධි ඉල්ලුමක් ඇතිවුවහොත් තවත් ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.
ණයකරයක මිල රුපියල් 100 ක් වන අතර නිකුතුව දෙසැම්බර් 04 වනදා විවෘත වේ.