November, 25, 2014
ලංකා සිමෙන්ට් පී.එල්.සී සමාගමට අයත් අත්හැර දමා තිබෙන කන්කසන්තුරේ පිහිටි සිමෙන්ති කම්හල සහ එහි දේපොළ ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමේ කටයුතු සිදුවෙමින් තිබෙන බව සමාගම සඳහන් කරයි.
මේ අනුව, සිමෙන්ති කර්මාන්ත ශාලාවට අයත් ගොඩනැගිලි සහ අක්කර 104 ක ඉඩම් අත්පත් කර ගැනීමට නියමිත අතර ලංකා සිමෙන්ට් පී.එල්.සී. සමාගම විසින් පවසා තිබෙන්නේ මෙම ඉඩම් සහ ගොඩනැගිලි සඳහා වන්දි මුදල් ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලා තිබෙන බවයි.
මෙම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සේවක පිරිසට ස්වේච්ඡා විශ්‍රාම සැලසුමක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.