November, 27, 2014
ඔපෙක් සංවිධානයට අයත් රටවල් අද දිනයේදී රැස්වීමට සූදානම් වෙද්දී ලෝක ඛනිජ තෙල් මිල ගණන් තවදුරටත් පහළ ගොස් තිබෙන බවත් මේ වනවිට ලෝක වෙළඳ පොළේ තිබෙන ඛනිජ තෙල් තොගය ඉතාමත් ඉහළ බවත් වාර්තා වේ.
මේ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.75 ක් දක්වා අඩුවී තිබෙන අතර සෞදි ආරාබිය පවසා තිබෙන්නේ ලෝක වෙළඳ පොළට සපයන බොරතෙල් ප්‍රමාණය අඩු නොකරන බවයි. ඔපෙක් සංවිධානයට අයත් රටවල් 12 අතුරින් වැඩිම ඛනිජ තෙල් සැපයුමක් කරන රට වන්නේ සෞදි අරාබියයි.
වාර්තා වන ආකාරයට ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් විශාල ලෙස අඩුවීමට මුහුණදීමට විසඳුම් සෙවීමේදී ඛනිජ තෙල් අපනයනය කරන රටවල් දෙකට බෙදී තිබේ.
එනම්, වෙනිසියුලාව සහ ඉරාකය ලෝක වෙළඳ පොළට සපයන ඛනිජ තෙල් ප්‍රමාණය අඩු කරද්දී ඇතැම් රටවල් සැපයුම අඩු නොකිරිමයි.