ලයන් බීර, බිලියන දෙකේ ණයකරේ ගොඩ

    November, 28, 2014

    රුපියල් බිලියන 02 ක් රැස්කර ගැනීම සඳහා ලයන් බෘවරි සිලෝන් පී.එල්.සී. සමාගම විසින් අද සිදුකළ ණයකර නිකුතුව සඳහා අද උදෑසන කාලයේදීම අධි ඉල්ලුමක් ලැබී තිබේ.

    මෙම ණයකරය ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ පසුගියදා අවසර ලබාදුන් අතර මෙහිදී, මුලින් රුපියල් 100 ක් වන ණයකර මිලියන 10 ක් නිකුත් කරන අතර ඒ සඳහා අධි ඉල්ලුමක් ඇති වන්නේ නම් තවත් ණයකර මිලියන 10 ක් නිකුත් කරන බව සමාගම සඳහන් කර තිබුණි.

    නිකුතුව කළමනාකරණය කරන්නේ එන්.ඩී.බී. ආයෝජන බැංකුවයි.