November, 28, 2014
කොටසක් රුපියල් 12 ක් බැගින් සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 6.6 ක මහජන කොටස් නිකුතුවක් කිරීම මගින් රුපියල් මිලියන 79 කට ආසන්න මුදලක් රැස්කර ගැනීමට ආපිකෝ ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සූදානම් වේ.
මෙම කොටස් නිකුතුව දිරිසවි පුවරුවේ ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අවසර ලබාදී තිබෙන අතර නිකුතුව මහජනතාවට විවෘත වන්නේ දෙසැම්බර් 11 වනදායි.
සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පසුගියදා අප සමග පැවසුවේ ඉදිරියේදී මහජන කොටස් නිකුතු කිහිපයක්ම කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
Video Story