සියපත ණයකරේට කොළ එළිය

    December, 5, 2014

    රුපියල් බිලියනයක් රැස්කර ගැනීම සඳහා සියපත ෆයිනෑන්ස් ලිමිටඩ් සමාගම විසින් සිදුකිරීමට යන ණයකර නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ අවසරය ලබාදෙයි.

    මෙම නිකුතුව යටතේ එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 05 ක් මුලින් නිකුත් කිරීමට නියමිත අතර ඒ සඳහා අධි ඉල්ලුමක් ඇතිවුවහොත් තවත් ණයකර මිලියන 05 ක් නිකුත් කිරීමට නියමිතය.

    මෙම නිකුතුව විවෘත වන්නේ දෙසැම්බර් 18 වනදායි.