Chevron Lubricants බිලියන 02 ක වැඩක් දෙයි

    December, 5, 2014

    රුපියල් බිලියන 02 ක වියදමින් Chevron Lubricants Lanka PLC සමාගම විසින් සපුගස්කන්දේ පිහිටි LINDEL කර්මාන්ත උද්‍යානයේ ගොඩනැගූ අති නවීන ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කර්මාන්ත ශාලාව සහ ගබඩා සංකීර්ණය විවෘත කෙරේ.

    මෙම කර්මාන්ත ශාලාව අක්කර 41/2 ක ඉඩමක ඉදිකර තිබෙන අතර මෙය වර්ග මීටර් 5000 කි.

    ගබඩා සංකීර්ණයේ ලිහිසි තෙල් ලීටර් මිලියන 1.4 ක් ගබඩා කිරීමේ පහසුකම් ඇත.