මහතීර් මොහොමඩ් ලංකාවට

    December, 8, 2014

    මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මොහොමඩ් මහතා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර මෙම සංචාරයේදී ඔහු විසින් හම්බන්තොට ඉදිකිරීමට නියමිත නව නගරයේ නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් සහ කටුනායක අපනයන සැකසුම් කළාපයේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

    මේ අතර, හම්බන්තොට නව නගරයේ තිබෙන ආයෝජන අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන සමුළුවේ ප්‍රධාන දේශනය ආචාර්ය මහතීර් මොහොමඩ් මහතා විසින් සිදු කිරීමට නියමිතය.

    මහතීර් මොහොමඩ් මහතා 2010 වසරේදීද මෙරට සංචාරය කළේය.