December, 15, 2014
ශ්‍රී ලංකාව තුළ චෙක්පත් භාවිතය අඩු වෙමින් තිබෙන බව චෙක්පත් නිෂ්කාශන (Check Clearance) කටයුතු සිදුකරන ලංකා ක්ලියර් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා කියයි.
අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ලංකා ක්ලියර් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී, සුනිමල් වීරසූරිය මහතා පැවසුවේ මීට වසර 05 කට පෙර තම ආයතනය විසින් දිනකට චෙක්පත් ලක්ෂ 02 ක් පමණ නිෂ්කාශනය (Check Clearance) කළත් මේ වනවිට දිනකට නිෂ්කාශනය කරන්නේ චෙක්පත් 1,70,000 ක පමණ ප්‍රමාණයක් බවයි.
“මෙම ප්‍රවණතාවයට හේතුවී තිබෙන්නේ ජනතාව විසින් ඉලෙක්ට්‍රොනික මුදල් ගනුදෙනු ක්‍රම වලට වේගයෙන් යොමුවී තිබීමයි. ලෝකය පුරාම මේක පොදු ප්‍රවණතාවයක්. දියුණු ආර්ථිකයක් පවතින රටවල චෙක්පත් භාවිතා කරන්නේ අඩු වශයෙන්.“
යනුවෙන් සුනිමල් වීරසූරිය මහතා පැවසීය.