January, 6, 2015
අධිවේගී මාර්ග ගොඩනැගීම සඳහා වර්තමානයේ රජය වැයකර තිබෙන්නේ සාධාරණ පිරිවැයක් බව මහා මාර්ග, වරාය සහ නාවික අමාත්‍යංශයේ ලේකම් ආර්. ඩබ්ලිව් ආර්. පේමසිරි මහතා කියයි.
කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති සමුළුවක් අමතමින් ඔහු මේ බව පැවසූ අතර එය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා ඉංජිනේරු වෘත්තිකයින්ගේ සංගමයයි. (Sri Lanka Engineering Professionals Association)
දකුණු අධිවේගී මාර්ගය මංතීරූ හතරක් සහිතව මාතර දක්වා ඉදිකිරීම සඳහා සම්පූර්ණයෙන්ම රුපියල් බිලියන 113.6 ක් පමණ වියදම් වූ බවත් මෙරට අධිවේගී මාර්ග ඉන්දියාවේ අධිවේගී මාර්ග වලට වඩා ගුණාත්මක තත්ත්වයෙන් වැඩි බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.
දකුණු අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට රුපියල් බිලියන 239 ක් පමණ වැයවනු ඇති බවත් එය චීනයේ එක්සිම් බැංකුවේ (EXIM) ණය මුදලකින් පියවා ගන්නා බවත් හෙතෙම මෙහිදී කීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 41.2 ක් පමණ වැයවූ බවයි.
Video Story