මේ වසරේ කොළඹ කොටස් පොළේ පළමු ලයිස්තුගතවීම මෙන්න!

    January, 19, 2015

    2015 වසරේදී කොළඹ කොටස් වෙළඳ පොළේ පළමුවෙන්ම ලයිස්තුගත වූ සමාගම බවට පත් වෙමින් ආපිකෝ ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගම දිරිසවි පුවරුවේ ලයිස්තුගත විය.

    මෙහි ගනුදෙනු කටයුතු ඇරඹුණු ජනවාරි 16 වනදා කොටසක ආරම්භක මිල රුපියල් 14 ක්වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේදී කොටසක මිල රුපියල් 14.10 ක් දක්වා ඉහළ නැගුණි.