January, 20, 2015
ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ තිබෙන රුපියල් බිලියන 08 කට ආසන්න මුදලක් ඇති ගිණුම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පුද්ගලිකව අයත් නොවන්නක් බවත් එම ගිණුම අයත් වන්නේ ආරක්ෂක අමාත්‍යංශයට බවත් වත්මන් ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා සහතික කරයි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පුද්ගලිකව අයත් රුපියල් මිලියන 7500 කට ආසන්න මුදලක් තිබෙන බැංකු ගිණුමක් පසුගියදා මුදල් අමාත්‍යංශය යටතට පත්කළ බවයි.
මෙය තමාට අයත් ගිණුමක් යැයි ප්‍රචාරය කිරීම වරදක් බවත් ඒ තුළින් තමා අපකීර්තියට ලක්කර තිබෙන බවත් මේ සඳහා මාධ්‍ය වෙත පිළිතුරු ලබාදෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කර තිබෙන චෝදනාවන් වත්මන් ආරක්ෂක ලේකම් බස්නායක මහතාද ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඔහු සඳහන් කර තිබෙන්නේ මෙම ගිණුම භාවිතා කර තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය බවත් එය ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් පුද්ගලික ගිණුමක් නොවන බවයි.
Video Story