ගෝඨාගෙන් හිස්වූ ලංකා හොස්පිට්ල්ස් මුල් පුටුවට ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ

    January, 20, 2015

    ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. සභාපති ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වීමෙන් ඇතිවී තිබෙන සභාපති පුරප්පාඩුව සඳහා ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙසින් පසුගිය කාලයේ කටයුතු කර ඉන් ඉවත්වූ ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.

    ගාමිණී වික්‍රමසිංහ මහතා ලංකා හොස්පිට්ල්ස්හි, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස මීට පෙර කටයුතු කළේය.

    මේ අතර, ලංකා හොස්පිට්ල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට සී.එල්.කේ.පී. ජයසූරිය මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇත.