January, 22, 2015
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ විදේශ ගමන් බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට ආගමන විගමන පාලකවරයාට අල්ලස් කොමිසම විසින් දැනුම් දී ඇතැයි වැඩබලන ආගමන විගමන පාලක, එම්.එන්. රණසිංහ මහතා පැවසීය.
අනාවරණය වන ආකාරයට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබී ඇති පැමිණිලි විමර්ශනය කරන තෙක් මාස 03 ක කාලයක් සඳහා මෙම අත්හිටුවීම කර තිබේ.
Video Story