විසිපන්දාහේ පර්මිට් එකට ගෙන්විය හැකි ඉහළම වාහනය මෙන්න

    July, 12, 2017

    ඇමරිකානු ඩොලර් 25,000 ට අඩු වාහනයක්, වාහන බලපත්‍රයක් උපයෝගී කරගෙන ආනයනය කිරීමේ දී ඒ සම්බන්ධයෙන් තිබුණු වාහන පැවරීමේ කොන්දේසි ඉවත්ව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. අද දෙරණ Biz 24x7 සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.

    මේ අතර මෙරෙන්චිගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ ජපන් වාහනවලින්, ඩොලර් 25,000 වාහන බලපත්‍රයක් මගින් ආනයනය කළ හැකි ඉහළම වාහනය Harrier ජීප් රථය බවයි. මීට අමතරව C-HR පෙට්‍රල් හයිබ්‍රිඩ් රථයක් ද මෙම බලපත්‍රය මගින් ගෙන්වා ගත හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සමඟ අද දෙරණ Biz 24x7 කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.