රිච් ලයිෆ්, අඩක් මිලියන 605 කට විකිණේ

    February, 6, 2015

    රේණුක ෆුඩ්ස් පී.එල්.සී සමාගමට අනුබද්ධ ෂෝ වොලස් සිලෝන් ලිමිටඩ් සමාගම විසින් රිච් ලයිෆ් ඩයරීස් ලිමිටඩ් සමාගමේ සියයට 50 ක කොටස් රේණුක ඇග්‍රි ෆුඩ්ස් සමාගමෙන් රුපියල් මිලියන 605 කට මිලදී ගෙන තිබේ.

    මෙහිදී, සාමාන්‍ය කොටස් මිලියන 20.2 ක් මිලදීගෙන ඇත.

    ෂෝ වොලස් සිලෝන් ලිමිටඩ් යනු FMCG අංශයේ නිෂ්පාදන කිරීමේ සහ බෙදාහැරීමේ මෙරට ප්‍රමුඛ සමාගමකි.