February, 6, 2015
ජාතික ඔලිම්පික් කමිටුවේ වර්තමාන සභාපතිවරයා මෙන්ම කලක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර තිබෙන හේමසිරි ප්‍රනාන්දු මහතා මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
හේමසිරි ප්‍රනාන්දු මහතා අප සමග පැවසුවේ මෙම පත්වීමට අදාළ ලිපිය අද පස්වරුවේ තමන්ට ලැබුණු බවත් නුදුරු දිනකදී වැඩ භාරගැනීමට නියමිත බවයි.
හෙතෙම හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබේ.
Video Story