February, 11, 2015
ශ්‍රී ලංකාවේ නව අතුරු අයවැය මගින් අයවැ හිඟය සියයට 4.4 කට අඩු කිරීමට යෝජනා කර තිබුණත් වර්තන වියදම් (current spending) වැඩිවීම හේතුවෙන් උද්ධමනය සහ ආර්ථික අසමතුලිතතාවයන් වර්ධනය වීමේ හැකියාවක් තිබෙන බව මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විස් (Moody's Investors Service) ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය අනතුරු හඟවා තිබේ.
මෙම අයවැයේ හිඟය වන දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 4.4 ක් වන ඉලක්කය සපුරා ගැනීමට හැකි වන්නේ නම් ලංකාව 'B1' ණය ශ්‍රේණියක් සහිත අනිකුත් රටවල් සමග සම තත්ත්වයේ ශ්‍රේණිගත කළ හැකි බවත් අදාළ ආදායම් රැස්කර ගැනීමට නොහැකි වන්නේ නම් අයවැය හිඟය වැඩිවීමේ අවධානමක් තිබෙන බවත් මූඩීස් පවසා ඇත.
කැසිනෝ සහ තවත් ආයතන වෙනුවෙන් පනවා තිබෙන බිලියන ගණනක බදු එම ආයතන විසින් ගෙවීම සම්බන්ධයෙන් සැකයක් තිබෙන බවත් සමහර ආදායම් ලබාගැනීමේ යෝජනා ඉදිරි ආයෝජන සහ වර්ධනයට අහිතකරව බලපෑ හැකි බවත් සඳහන්ය.
රජයේ සේවකයින්ගේ වැටුප් සියයට 47 කින් වැඩිකිරීම හේතුවෙන් ඉදිරියේදී පාරිභෝජනය වැඩිවීමෙන් එය උද්ධමනය වැඩිවීමට හේතුවක් වනු ඇතැයි මූඩීස් වැඩිදුරටත් කියා ඇත.
Video Story