ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය නොදුන් ලංකා බැංකු නිළධාරීන් පිරිසකගේ සේවය අත්හිටුවයි

    February, 12, 2015

    අතුරු අයවැය මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් තැන්පතු වෙනුවෙන් සියයට 15 ක පොලී අනුපාතයක් ලබාදීමට කර තිබෙන යෝජනාව නිසි පරිදි ක්‍රියාත්මක නොකළ ලංකා බැංකුවේ නිළධාරීන් පිරිසකගේ සේවය අත්හිටවූ බව මුදල් අමාත්‍යවරයා කියයි.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවත් එතෙක් මොවුන්ගේ සේවය අත්හිටුවීම කර තිබෙන බවයි.