Breaking News -රක්ෂණ සංස්ථාවේ නව කළමනාකාර අධ්‍යක්ෂ, බන්ග්සා ජයා

    February, 17, 2015

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමලත් පොලිස් නිළධාරියෙකු වන බන්ග්සා ජයා (Bangsa Jayah) මහතා පත්කර තිබේ.

    ඔහු මෙම පත්වීම ලබා තිබෙන්නේ 2015 පෙබරවාරි 13 වනදා සිට බලපැවැත්වෙන පරිදිය.

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ලෙස කීර්තිමත් ව්‍යවසායකයෙකු වන හේමක අමරසූරිය මහතා පත්කර ඇතැයි අප මීට පෙර වාර්තා කළේය.

    රක්ෂණ සංස්ථාව අයත් වන්නේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යටතටයි.