March, 9, 2015
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ නව සභාපතිවරයා ලෙස ලබන අප්‍රේල් 01 වනදා සිට ආචාර්ය සමන් කැලේගම මහතා පත්කර තිබෙන අතර සිංගර් ශ්‍රී ලංකා සමාගමේ දිගු කාලයක් සභාපතිවරයා ලෙස සහ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ හේමක අමරසූරිය මහතා මාර්තු 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි විශ්‍රාම ගොස් තිබේ.
ආචාර්ය කැලේගම මහතා මේ වනවිට සිංගර් ෆයිනෑන්ස් සමාගමේ සභාපතිවරයා වන අතර සිංගර් ශ්‍රී ලංකා සහ රෙග්නිස් ලංකා සමාගම්වල අධ්‍යක්ෂවරයෙකුද වේ.
මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයෙකු වන හේමක දේවප්‍රිය සෙනරත් අමරසූරිය මහතා මේ වනවිට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්වී සිටින අතර ඔහු ශ්‍රී ලංකා කර්මාන්ත සංගමයේ සමාරම්භක සභාපතිවරයා මෙන්ම පුද්ගලික සමාගම් ගණනාවකම ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.
Video Story