March, 11, 2015
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන මහතා අදාළ තනතුරෙන් හදිසියේම ඉල්ලා අස්වී තිබේ.
අප වෙත අනාවරණය වන ආකාරයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ මිහින් ලංකා ගුවන් සමාගමේ අක්‍රමිකතා සෙවීම සඳහා රජය විසින් පත්කර තිබෙන ත්‍රි පුද්ගල කොමිසමේ වාර්තාව මේ වනවිට එළිදක්වා ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස පත්වීමට පෙර චන්ද්‍රසේන මහතා මිහින් ලංකා ගුවන් සේවයේ සහ මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙසද කටයුතු කළේය.
ඔහු චිකාගෝ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකි.