මෝදි සමග ඉන්දීය ව්‍යාපාරික නායකයින් ලංකාවේ ඇති අවස්ථාවන් හොයයි

    March, 13, 2015

    ලංකා වාණිජ මණ්ඩලය විසින් අද පස්වරුවේ කොළඹදී පවත්වන ව්‍යාපාරික සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ සඳහා සහභාගී වීමට ඉන්දීය ව්‍යාපාරික නායකයින් කණ්ඩායමක් මේ වනවිට මෙරටට පැමිණ තිබේ.

    මෙම ව්‍යාපාරික සමුළුව අද පස්වරු 5.00 ට කොළඹදී ආරම්භ වන අතර ඉන්දීය ව්‍යාපාරික නායකයින් ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කර ඇත.

    ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරන්නේ මොවුන් සමග මෙරට ව්‍යාපාරික නායකයින් සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර තිබෙන බවයි.

    ඉන්දීය ව්‍යාපාරික නායකයින් මෙරට යටිතල පහසුකම්, ජල සැපයුම, දේපොළ සංවර්ධනය, සීනි, වාරිමාර්ග සහ පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථාවන් විමසා බලමින් සිටින බව අනාවරණය වේ.