මාස 02 කදී කොටස් වෙළෙඳපොළ සියයට 4 කින් කඩා වැටිලා

    June, 19, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (19) දිනය තුළ දී ඒකක 44.78 කින් පහළ යන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 6,265.73 වශයෙනි. මේ අනුව පෙර දිනයට වඩා සියයට 0.71 කින් අද දින කොටස් වෙළෙඳපොළ පහළ ගොස් තිබේ.

    සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව පහළ ගිය 9 වන දිනය අද වේ.

    මේ අතර දර්ශකය ද අද දිනය තුළ ඒකක 40.37 කින් පහළ ගොස් ඒකක 3,473.52 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට වඩා සියයට 1.15% ක කඩා වැටීමකි.

    දිනය තුළ රුපියල් මිලියන 638.63 ක පිරිවැටුමක් වාර්තා විය.

    ආසන්න මාස දෙකක කාලපරිච්ඡේදය සලකා බැලූ කල, 2018 අප්‍රේල් 18 දින සිට අද (ජූනි19) දක්වා කාලය තුළ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 286.1 කින් පහළ ගොස් තිබේ. 2017 අප්‍රේල් 18 දින එහි අගය වාර්තා වූයේ ඒකක 6,551.8 ක් පරිද්දෙනි.

    මේ අනුව පසුගිය මාස දෙක තුළ දී සියයට 4.36 කින් කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටී තිබේ.