මර්චන්ට් බැංකුවේ නව සභාපති ප්‍රීති කුමාර ගාල්ලගේ

    March, 16, 2015

    ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ නව සභාපතිවරයා ලෙස ගණකාධිකාරීවරයෙකු වන ප්‍රයිම් ග්‍රාමීන් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළ රුවන් ප්‍රීති කුමාර ගාල්ලගේ මහතා පත්කර තිබෙන අතර ඔහු විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙසද පත්කර තිබේ.

    ඔහුට අමතරව, නීතිඥයෙකු වන සඳුන් සුදත්ත ගමගේ මහතා විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර තිබෙන අතර ඒෂියා සෙකියුරිටීස් සමාගමේ භාණ්ඩාගාර ප්‍රධානී අජිත් හිරාන් සමරසුන්දර මහතා පත්කර තිබෙන්නේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙසයි.

    එසේම, ෂිල්හාන් ලසිමෝ රහමන් මහතා විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කැපිටල් මහරාජා සමාගමේ විධායක සමූහ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන අරුණ් ප්‍රදීප් මහරාජා මහතා විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙසත් ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ සමාරම්භකයා වන බ්‍රාහ්මනගේ ප්‍රේමලාල් මහතා විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසත් පත්කර තිබේ.

    මෙම සියළුම පත්වීම් කර තිබෙන්නේ 2015 මාර්තු 13 වනදා සිට බලපැවැත්වෙන පරිදිය.

    මොවුන් පිළිබඳ සම්පූර්ණ විස්තර මෙන්න!
    01020304050607