March, 18, 2015
ජාතික සංවර්ධන බැංකුව විසින් සෙලාන් බැංකුවේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 14.8 ක් හෙවත් බැංකුවේ නිකුත් කර තිබෙන සමස්ත සාමාන්‍ය ඡන්ද හිමි කොටස් වලින් සියයට 8.45 ක ප්‍රමාණයක් මිලදීගෙන තිබේ.
මෙම කොටස් මිලදීගැනීමත් සමග ජාතික සංවර්ධන බැංකු සමූහයට සෙලාන් බැංකුවේ කොටස් මිලියන 16.7 ක් අයත් වන අතර එය බැංකුව විසින් නිකුත් කර තිබෙන සමස්ත සාමාන්‍ය ඡන්ද හිමි කොටස් වලින් සියයට 9.53 කි.