අපේ විදේශ සංචිතයේ අළුත්ම තත්ත්වය මෙහෙමයි

    March, 21, 2015

    මෙරට විදේශ සංචිතය පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව ගෙවුණු පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 167 කින් ඩොලර් මිලියන 7,261 ක් දක්වා ඉහළ නැගුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ.

    මේ අතර, හෙළි වන්නේ මෙරට රන් සංචිතවල වටිනාකම ගෙවුණු පෙබරවාරි මාසයේදී ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව ඩොලර් මිලියන 902.9 ක සිට ඩොලර් මිලියන 866 ක් දක්වා පහළ වැටුණු බවයි.

    මෙරට විදේශ සංචිතය 2014 අගෝස්තු මාසයේදී ඩොලර් බිලියන 9.2 ක් දක්වා ඉහළ නැගුණි.