March, 22, 2015
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 26 දෙනෙකුට අමාත්‍ය ධූර පිරිනමමින් ඇතිකළ ජාතික ආණ්ඩුව සමග ඇමති මණ්ඩලයේ ප්‍රමාණය සියයට 50 කින් පමණ ඉහළ ගොස් තිබෙන අතර මේ වනවිට ජාතික ආණ්ඩුවේ සිටින අමාත්‍යවරු ගණන 77 කි.
මෙම පත්කිරීමට පෙර ඇමති මණ්ඩලයේ සිටි පිරිස 51 කි.
මේ වනවිට, ඇමති මණ්ඩලයේ කැබිනට් අමාත්‍යවරු 40 ක්, නියෝජ්‍ය අමාත්‍යවරු 23 ක් සහ රාජ්‍ය අමාත්‍යවරු 14 දෙනෙකු සිටී.
19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට රැගෙන යාම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ඇතුළු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාගැනීම මෙම ජාතික ආණ්ඩුව තුළින් අවශ්‍ය බව දේශපාලන විශ්ලේෂකයින් අවධාරණය කරයි.
Video Story