March, 25, 2015
යුරෝපා සංගමය විසින් ලංකාවට පනවා තිබෙන මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේ තහංචිය හමුවේ ලංකාවෙන් පිටරට යවන මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (Sea Food) තුළින් ලැබන ආදායම විශාල වශයෙන් අඩුවී තිබෙන බව අනාවරණය වේ.
මේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලට අනුව මුහුදු මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම තුළින් පසුගිය ජනවාරි මාසයේදී ලංකාව ඉපැයූ ආදායම සියයට 23.8 කින් පහළ බැස තිබේ.
2014 ජනවාරි මාසයේදී මුහුදු මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම තුළින් ලංකාව ඩොලර් මිලියන 21.7 ක ආදායමක් ලබා තිබූ අතර 2015 ජනවාරි මාසය වනවිට එම ප්‍රමාණය ඩොලර් මිලියන 16.6 ක් දක්වා අඩුවී තිබීම කැපී පෙනේ.
ලංකාව විසින් මුහුදු සීමා උල්ලංඝනය කරමින් මසුන් අල්ලන බවට චෝදනා කරමින් යුරෝපා සංගමය විසින් ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම පසුගියදා අත්හිටවූ අතර තවමත් එම තහංචිය ක්‍රියාත්මක වේ.
මේ නිසා, සිය කර්මාන්ත වැසී යාමේ තර්ජනයට මුහුණ දී ඇතැයි මත්ස්‍ය නිෂ්පාදන අපනයන කරුවන් රැසක් අප සමග සඳහන් කළේය.
මේ අතර, මහ බැංකුව නිකුත් කර තිබෙන නවතම දත්ත වලින් හෙළි වන්නේ පසුගිය ජනවාරි මාසයේදී තේ අපනයන වලින් ලැබූ ආදායමද සියයට 2.2 කින් ඩොලර් මිලියන 113.5 ක් දක්වා පහත වැටුණු බවයි.
2014 ජනවාරි මාසයේදී තේ අපනයන වලින් ලංකාව ඩොලර් මිලියන 116.1 ක ආදායමක් ලබා තිබූ අතර ලෝක වෙළඳ පොළේ තේ මිල පහළ යාම මෙවර තේ අපනයන වලින් ලැබූ ආදායම් පහළ යාමට හේතුවී තිබේ.
Video Story