March, 26, 2015
‘වෙන්චර් එන්ජින්’ (Venture Engine) වැඩසටහනේ 04 වන අදියර සඳහා සියලූ කටයුතු සූදානම් බව ‘බ්ලූ ඕෂන් වෙන්චර්ස්’ (Blue Ocean Ventures) සහ ‘ඒන්ජල් නෙට්වර්ක්’ (Angel Network) පසුගියදා නිවේදනය කළේ ය. කොළඹ OZO හිදී පැවති විශේෂ උත්සවයකදී මේ බව නිවේදනය කරන ලදි. 2012 වසරේදී මෙම වැඩසටහන ආරම්භ වූයේ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර සිහින යථාර්ථයක් බවට පත්කිරීම සඳහා අත්වැලක් වනු පිණිසය. එම අරමුණ මේ වනවිට බෙහෙවින් සාර්ථක වී ඇති නිසා මෙසේ 04 වන වරටත් එය පැවැත්වීමට සංවිධායකයන් තීරණය කර තිබේ.
මේ වනවිට වෙන්චර් එන්ජින් යටතේ අරමුදල් සපයා ඇති සමාගම් සංඛ්‍යාව 15 කි. රු. මිලියන 500 කට අධික අරමුදල් ලබමින් එසේ සාර්ථකව ඉදිරියට යමින් සිටින සමාගම් අතරට Takas, Trekurious, Ridgecrest, Saraii, Nithya, Glitteray සහ 24-7 24-7 Techies වැනි සමාගම් ඇතුළත් වී තිබේ. එමෙන්ම ඇතැම් ව්‍යාපාර දේශීය මට්ටම ඉක්මවා මේ වනවිට ජාත්‍යන්තර තලයටද පිවිසී සිටින බව විශේෂයෙන් සඳහන් කළ යුතු වෙයි.
2015 අදියරේ විශේෂත්වය වී ඇත්තේ ව්‍යාපාර ආරම්භයට සහ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමෙන් ඔබ්බට ගොස්, වඩාත් ශක්තිමත් පදනමක් මත තම ව්‍යාපාර ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය දැනුම මෙම වැඩසටහන සහභාගී වන නවක ව්‍යවසායකයන්ට ලබාදීමට කටයුතු යොදා තිබීම ය. ඒ අනුව ආයෝජකයන්ට මෙම නව ව්‍යාපාර තුළ ආයෝජනයට අවස්ථාව උදාකරන අතරම ‘ලංකන් එන්ජල් නෙට්වර්ක් (Lankan Angel Network) සහ ‘ඉන්දියන් ඒන්ජල් නෙට්වර්ක්’ (Indian Angel Network) විසින් නවක ව්‍යවසායකයන් සඳහා වැඩමුළු මාලාවක් හරහා පුළුල් ලෙස දැනුම ලබාදීමද මෙවර කටයුතු කෙරෙනු ඇත.
මෙම සමාරම්භක උත්සවයට බ්ලූ ඕෂන් වෙන්චර්ස් හි සම-නිර්මාතෘ ප‍්‍රජීත් බාලසුබ‍්‍රමනියම්, ඉන්දියන් ඒන්ජල් නෙට්වර්ක් හි සාමාජික සහ බ්ලූ ඕෂන් වෙන්චර්ස් හි සම-නිර්මාතෘ රාජන් ආනන්දන්, එක්ස්පෝලංකා හෝල්ඩින්ස් හි අලෙවිකරණ ප‍්‍රධානී, ආයතනික සන්නිවේදන හා සමාජ වගකීම්, පැඞී වීරසේකර, ඔරායන් සිටි හි ප‍්‍රධාන විධායක නිලධාරී ජීවන් ඥානම් සහ ඩයලොග් සමාගමේ සමූහ ප‍්‍රධාන නිලධාරී ජෙරමි හක්ස්ටබ්ල් යන මහත්වරු සහභාගී වූහ.
පසුගිය වසරවල වෙන්චර් එන්ජින් වැඩසටහන්වලදී ආයෝජන හිමිකරගෙන සාර්ථක ලෙස ව්‍යාපාර ගොඩනැංවූ ව්‍යවසායකයන් පිරිසක්ද මෙම රැස්වීමට සහභාගී වී සිටියහ. එය මෙම වැඩසටහනේ සාර්ථකත්වයට මනා සාක්ෂියක් ලෙස දැක්විය හැක.
එක්ස්පෝ ලංකා සමාගම සහ ඔරායන් සිටි අඛණ්ඩව 4 වැනි මෙරටත් මෙහි ප්ලැටිනම් අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කරන අතර ඩයලොග් සමාගම සෙසු අනුග‍්‍රාහක ලෙස කටයුතු කරයි. වෙන්චර් එන්ජින් වැඩසටහන සංවිධානය කිරීම හා මෙහෙයවීම සිදුකරනු ලබන්නේ මෙරට ප‍්‍රථම ‘ඒන්ජල් නෙට්වර්ක්’ වර්ගයේ සංවිධානය වන ලංකන් එන්ජල් නෙට්වර්ක් විසිනි.
ව්‍යවසායකයන් වීමට අපේක්ෂා කරන්නන් සහ දැනට ආරම්භක මට්ටමේ පවතින ව්‍යාපාර සඳහා මෙම වැඩසටහන දැන් විවෘතව පවතී. ඒ සඳහා ව්‍යාපාර සැලසුම් කැඳවීම මාර්තු 24 දා ආරම්භ වූ අතර එය මැයි 12 වන දායින් අවසන් වනු ඇත.
”මේ වැඩසටහනේ විශේෂත්වය වන්නේ ව්‍යවසායකයින් හට කෙළින්ම ආයෝජකයන් සමග සම්බන්ධ වීමට අවස්ථාව ලැබීමයි. ඒ වගේම ඔවුන්ට ලංකන් එන්ජල් නෙට්වර්ක් සහ ඉන්දියන් ඒන්ජල් නෙට්වර්ක් මගින් පවත්වනු ලබන වැඩමුළුවලට සහභාගී වී විශාල දැනුමක් ලබාගැනීමටත් හැකි වනවා. ඒ නිසා මෙම නව ව්‍යාපාරවලට කිසිදු භේදයකින් තොරව සාර්ථකත්වය සඳහා පොදුවේ මගපෙන්වීම් සහ ආයෝජන හිමිවන බව කියන්නට පුළුවන්. 2012 වසරේ සිට මේ දක්වා මෙම වැඩසටහන යටතේ විශිෂ්ට නවක ව්‍යවසායකයන් රැසක් හඳුනාගැනීමට අපට හැකියාව ලැබුණා. මේ වසරේත් එය එසේම වනු ඇති බවට සැකයක් නැහැ.” ප‍්‍රජීත් බාලසුබ‍්‍රමනියම් මහතා පැවසී ය.
”වර්තමානයේ නවක ව්‍යවසායකයන් මුහුණදෙන අභියෝග අප හොඳින් හඳුනනවා. එක්ස්පෝලංකා හැමවිටම එම ව්‍යාපාරිකයන්ට අතදීමට පෙරට එන්නේ ඒ නිසයි. නවක ව්‍යවසායකයන්ට තම සිහින සැබෑකරගැනීමේ අවස්ථාව ලබාදීම සඳහා වෙන්චර් එන්ජින් වැඩසටහන පසුගිය අදියර කිහිපය පුරා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළා. මේ යටතේ තෝරාගන්නා ලද සමහර සමාගම් දැන් බෙහෙවින් සාර්ථක වී ජාත්‍යන්තර තලයටත් පිවිසී තිබීම අපට ඉමහත් සතුටක්. මේ වසරේත් එවැනි ව්‍යවසායකයන් පිරිසක් හඳුනාගැනීමට බලාපොරොත්තු වන අතර ඒ සියලූම දෙනාට මා මේ අවස්ථාවේදී සුභ ප‍්‍රාර්ථනා කරනවා.” පැඞී වීරසේකර මහතා සිය අදහස් දැක්වූයේ එසේ ය.
”4 වැනි වරටත් මෙසේ වෙන්චර් එන්ජින් වැඩසටහනට දායක වීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ වැඩසටහන මේ රටේ ආරම්භක මට්ටමේ ව්‍යාපාර සඳහා ස්වර්ණමය අවස්ථාවක් ලබාදෙන වැඩසටහනක් බවට පත්වී තිබෙනවා.” ජීවන් ඥානම් මහතා පැවසී ය.
”මෙම වැඩසටහනට එක්වීමට ලැබීම ගැන අප සතුටු වනවා. මෘදුකාංග සම්බන්ධ ව්‍යාපාර ආරම්භ කරන ව්‍යවසායකයන්ට අපගේ Ideamart පදනම හරහා අත්වැලක් වන අතරම ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් වෙතින් ඔවුන්ට උපදෙස් හා මගපෙන්වීම් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. පසුගිය වසරේ දෙවැනි ස්ථානය දිනාගත්තේත් Ideamart ව්‍යවසායකයෙක්. වෙන්චර් එන්ජින් අරමුදල් සහ ලංකන් එන්ජල් නෙට්වර්ක් හි මගපෙන්වීම සමග තම ව්‍යාපාරය බෙහෙවින් දියුණු කිරීමට ඔහුට අද හැකියාව ලැබී තිබෙනවා. මෑතකදී පැවැත්වුණු Global Mobile Awards හිදී මෙම Ideamart පදනම සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙය වර්තමානයේ මෘදුකාංග නිර්මාණයේ යෙදී සිටින ව්‍යවසායකයන්ට බෙහෙවින් උපකාරී වන පදනමක් බවට පත්වී ඇති බව කියන්නට පුළුවන්. මේ වනවිට මෙම පදනම භාවිතා කරන පිරිස 2,000 කට අධිකයි. ඉදිරියේදී මෙය තවත් පුළුල් කිරීමේ අරමුණින් අප කටයුතු කරමින් සිටිනවා. මේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා වෙන්චර් එන්ජින් වැඩසටහන ඉතාමත් හොඳ අවස්ථාවක් වී ඇති බව කියන්නට පුළුවන්.” ඩයලොග් ආසිආටා සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන තොරතුරු නිලධාරී ඇන්තනි රොඞ්රිගෝ මහතා පැවසී ය.
”ශ‍්‍රී ලංකාවේ අලූත් ව්‍යාපාර සඳහා වෙන්චර් එන්ජින් ලබාදෙන මෙම දායකත්වය ඉතාමත් සුවිශේෂයි. මේ ඔස්සේ දක්ෂතාව ඇති එහෙත් මූල්‍ය පදනමක් හෝ නිසි සම්බන්ධතා නොමැති නවක ව්‍යවසායකයන් වෙනුවෙන් රුපියල් මිලියන ගණනක් ආයෝජන මුදල් රැුස්කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම වසරින් වසර මේ වැඩසටහනට එක්වන ව්‍යවසායකයන්ගේ දක්ෂතා දකින විට අපට රටේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ අනාගතය ගැන සැබවින්ම ආඩම්බර වන්නට පුළුවන්. වෙන්චර් එන්ජින් හි දායකත්වය සමගින් මෙම ව්‍යවසායකයන්ට දේශීය මට්ටමින් පමණක් නොව කලාපීය හා ගෝලීය මට්ටමින් විශාල දියුණුවක් කරා යන්නට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය දැනුම හා මගපෙන්වීම ඔවුන්ට ලබාදීමට ලංකන් එන්ජල් නෙට්වර්ක් සහ ඉන්දියන් ඒන්ජල් නෙට්වර්ක් මෙන්ම ලංකන් එන්ජල් නෙට්වර්ක් සමග සම්බන්ධතා පවත්වන අනෙකුත් එන්ජල් නෙට්වර්ක් වර්ගයේ සංවිධානත් සූදානමින් සිටිනවා.” ලංකන් එන්ජල් නෙට්වර්ක් හි සභාපති එරික් වික‍්‍රමනායක මහතා කියා සිටියේ ය.
”ශ‍්‍රී ලංකාවේ නව ව්‍යාපාර අත්කරගෙන ඇති සාර්ථකත්වය ගැන ඉන්දියන් ඒන්ජල් නෙට්වර්ක් බෙහෙවින් සතුටු වනවා. ලංකාවේ ආයෝජකයන්ගේ අත්වැල සහ ඉන්දියන් ඒන්ජල් නෙට්වර්ක් හි ආයෝජකයන්ගේ වෙළඳපොළ සම්බන්ධතා සමගින් වේගයෙන් දියුණු වන ව්‍යාපාර බිහිකළ හැකි බව මීට පෙර මෙම වැඩසටහනෙන් බිහිවූ Takas සහ House of Lonali වැනි වැඩසටහන් සාක්ෂි දරනවා. මෙසේ වෙන්චර් එන්ජින් හි තවත් අදියරක් සඳහා බ්ලූ ඕෂන් වෙන්චර්ස් සහ ලංකන් එන්ජල් නෙට්වර්ක් සමග අත්වැල් බැඳගැනීමට ලැබීම අප ලද භාග්‍යයක්. ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයන්ට ජාතික මට්ටමේ නොනැවතී ජාත්‍යන්තර තලයට පිවිසීමට ලැබෙන හොඳම අවස්ථාව මෙයයි.” ඉන්දියන් ඒන්ජල් නෙට්වර්ක් හි සභාපති පද්මජා රුපරෙල් මහතා පැවසී ය.
වෙන්චර් එන්ජින් වැඩසටහන, ඊට අයදුම් කරන ආකාරය, එහි පසුගිය අදියරවල තොරතුරු සහ එම වැඩසටහනට සහභාගී වූවන් පිළිබඳ තොරතුරු www.ventureengine.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක. වැඩසටහන සඳහා අයදුම්පත් submissions@ventureengine.lk ඊමේල් ලිපිනයට එවිය හැකි අතර ඒ සම්බන්ධ විමසීම් inquiries@ventureengine.lk වෙත යොමුකළ හැකි වේ. 

Video Story