NDB සභාපතිත් ඉවතට. පුද්ගලික වාණිජ බැංකුවල තවත් පුටු පෙරලෙන ලකුණු

    March, 28, 2015

    ජාතික සංවර්ධන බැංකුවේ සභාපති ධූරයෙන් සුනිල් විජේසිංහ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන අතර අස්වීමේ ලිපිය අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ලබාදීමට බලාපොරොත්තු වේ.

    මේ අතර, පුද්ගලික වාණිජ බැංකු කිහිපයක රජය සතු කොටස් අයිතිය නියෝජනය කරමින් පත්වීම් ලද කිහිප දෙනෙකුටම ඉල්ලා අස්වන ලෙස මුදල් අමාත්‍යංශය විසින් දැනුම් දී ඇතැයි අප වෙත ඉතා විශ්වාසවන්ත මූලාශ වලින් අනාවරණය වේ.

    හැටන් නැෂනල් බැංකුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ ආචාර්ය රාණි ජයමහ මහත්මියද එම තනතුරින් ඊයේ ඉල්ලා අස්වන බව දැනුම් දී තිබුණි.

    ජාතික සංවර්ධන බැංකුවේ කොටස් අයිතියෙන් සියයට 33 කට ආසන්න ප්‍රමාණයක් රජය සතුවන අතර හැටන් නැෂනල් බැංකුවේ කොටස් අයිතියෙන් සියයට 28 කට ආසන්න ප්‍රමාණයක අයිතිය රජය සතුය.