NDB අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තවත් දෙදෙනෙකු ඉවත් වෙයි

    March, 31, 2015

    ජාතික සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විධායක නොවන අධ්‍යක්ෂ ධූරයක් දැරූ අනුර සිරිවර්ධන මහතා සහ විධායක නොවන අධ්‍යක්ෂ ධූරයක් දැරූ සුජීව රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී තිබේ.

    බැංකුව විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ 2015 මාර්තු 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ඉල්ලා අස්වීම සිදුකර තිබෙන බවයි.

    මීට පෙර, ජාතික සංවර්ධන බැංකුවේ සභාපති ධූරය දැරූ සුනිල් විජේසිංහ මහතාද එම තනතුරින් ඉල්ලා අස්වූ අතර ඔහුගේ ඉල්ලා අස්වීමට බලපෑ කාරණා පිළිබඳව සිය “ෆේස්බුක්“ ගිණුමේ කරුණු හෙළිකර තිබුණි.