Tata Steel ලංකාවේ යකඩ ව්‍යාපාරයෙන් ඉවතට

    April, 1, 2015

    Lanka Special Steels Ltd සමාගමේ සියයට 100 ක කොටස් අයිතිය E.B. Creasy and Company Plc සමාගම විසින් Tata Steel Ltd සමාගමෙන් රුපියල් මිලියන 433 කට මිලදීගෙන තිබේ.

    2003 වසරේදී මෙරට මෙහෙයුම් කටයුතු ඇරඹි Lanka Special Steels Ltd සමාගම විසින් ගැල්වනයිස් යකඩ වයර් නිෂ්පාදනය කර බෙදාහරින අතර සමාගමට වාර්ෂිකව මෙට්‍රික් ටොන් 14,400 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත.

    මෙම සමාගම ලෝකයේ ප්‍රමුඛතම යකඩ නිෂ්පාදන සමාගම් 10 අතර සිටින Tata Steel සමාගමේ පළමු විදේශීය ව්‍යාපාරික කටයුත්තයි.