ලංකාවේදී ඉන්දියාවත් චීනයත් අතර තවත් තරගයක්

    April, 6, 2015

    උපාය මාර්ගික කේන්ද්‍රස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව කෙරෙහි චීනය සහ ඉන්දියාව දැඩි උනන්දුවක් දක්වන බව රහසක් නොවේ. කෙසේවෙතත්, මේ වනවිට ශ්‍රී ලංකාවට ඉන්දියානු සහ චීන සංචාරකයින් පැමිණෙන්නේ තරගයට මෙන්වීම කැපී පෙනේ .

    මෙරට නවතම සංචාරක දත්ත විග්‍රහ කරන විට පෙනී යන්නේ මේ වසරේ මුල් මාස තුන තුළදී මෙරටට ඉන්දියානු සංචාරකයින් 64,781 ක් දෙනෙකු පැමිණ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණි රට ඉන්දියාව වෙද්දී, මෙරටට දෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ රට බවට පත්ව තිබෙන්නේ චීනය බවයි.

    මේ වසරේ මුල් මාස 03 තුළදී මෙරටට පැමිණි චීන සංචාරකයින් ප්‍රමාණය සියයට 84 කින් වර්ධනය වී චීන සංචාරකයින් 53,135 දෙනෙකු පැමිණ තිබේ.

    චීන සංචාරකයින් මෙරටට වැඩිපුර ගෙන්වා ගැනීම සඳහා ලංකාව විසින් චීනයේ ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක්ම සිදුකළ අතර ඉන්දීය සංචාරකයින්ට, ලංකාවට පැමිණෙන විට වීසා ලබාදෙන (On arrival) ක්‍රමය අනුගමනය කරයි.

    මේ අතර, රජය විසින් නිකුත් කර තිබෙන නවතම සංචාරක දත්ත වලට අනුව ගෙවුණු මාර්තු මාසයේදී මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් ප්‍රමාණය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 18 කින් වර්ධනය වී 157,051 ක් වී ඇත.

    2015 මුල් මාස තුන තුළදී මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් ප්‍රමාණය සියයට 13.6 කින් වර්ධනය වී 478,838 ක්වූ බව මෙම දත්ත අනාවරණය කරයි.