April, 8, 2015
දේශීය වෙළඳ පොළේ කෙටි කාලීන භාණ්ඩාගාර බිල්පත් අලෙවිකර රජය සපයා ගන්නා ණය සීමාව වැඩිකර ගැනීමට රජය ගත් උත්සාහය අසාර්ථක වීම හමුවේ භාණ්ඩාගාර බිල්පත් වලට වඩා වැඩි පොලී අනුපාතයක් ගෙවීමට සිදුවන භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරමින් රජය ණය සම්පාදනය කර ගැනීමට යොමුවිය හැකිබව ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරයි.
භාණ්ඩාගාර බිල්පත් කල් පිරීමට වසරක් හෝ වසරකට අඩු කාලයක් යන නිසා මෙම බිල්පත් අලෙවි කිරීම මගින් සියයට 07 ක්, සියයට 7.5 ක් වැනි අඩු පොලී අනුපාතයකට ණය සම්පාදනය කර ගැනීමට හැකිය.
කෙසේවෙතත්, දිගු කාලයකින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින් දේශීය වෙළඳ පොළින් ණය ගැනීමේදී සියයට 10.5 ක් වැනි වැඩි පොලී අනුපාතයක් රජයට ගෙවීමට සිදුවේ.
කෙසේවෙතත්, භාණ්ඩාගාර බිල්පත් මගින් දේශීය වෙළඳ පොළින් ණය ලබාගන්නා සීමාව රුපියල් බිලියන 850 ක සිට රුපියල් බිලියන 1250 ක් දක්වා රුපියල් බිලියන 400 කින් වැඩිකර ගැනීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව පරාජයවීම නිසා රජයේ සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට වැටුප් ගෙවීම ඇතුළු රජයේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා දිගු කාලීන භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට රජයට සිදුවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් විශ්වාසය පළ කරයි.
වත්මන් රජය විදේශීය ණය වෙත නැඹුරු වී නොමැති තත්ත්වයක් තුළ දේශීය වෙළඳ පොළින් ලබාගන්නා ණය දැවැන්ත ලෙස වැඩිකර තිබේ.
රජය දේශීය වෙළඳ පොළින් ණය ලබාගන්නේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙනි. රජය වෙනුවෙන් එම කාර්ය ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකරයි.
මේ අප්‍රේල් මාසයේදී රාජ්‍ය සේවකයින්ගේ හා විශ්‍රාමිකයින්ගේ වැටුප් සහ අත්තිකාරම් ගෙවීම සඳහා පමණක් රුපියල් බිලියන 130 ක පමණ මුදලක් අවශ්‍ය වේ.
Video Story