කොළඹ හිල්ටන් හෝටල් සමාගමේ මුල් පුටුව සාගරිකා දෙල්ගොඩට

    April, 8, 2015

    ජර්මානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් වන ෆෙඩ්රික් නිවුමාන් පදනමේ මෙරට නිත්‍ය නියෝජිතවරිය ලෙස කලක් කටයුතු කළ සාගරිකා දෙල්ගොඩ මහත්මිය කොළඹ හිල්ටන් හෝටලය අයත්වන හොටෙල් ඩෙවලොපර්ස් (ලංකා) පී.එල්.සී. සමාගමේ සභාපතිනිය ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පත්කර තිබේ.

    මීට පෙර මෙම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ තිරුකුමාර් නඩේසන් මහතායි.

    රවී කරුණානායක මහතා වාණිජ සහ පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී දෙල්ගොඩ මහත්මිය පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සාමාජිකාවක ලෙසද කටයුතු කළාය.