April, 9, 2015
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරාගේ නම සහ විනිමය කොමිසමේ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ වජිර විජේගුණවර්ධනගේ නම යෝජනා වී තිබෙන බවත් ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික කටයුතු අමාත්‍යංශය වෙත යවා තිබෙන බවත් අනාවරණය වේ.
සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය කලක පටන් හිස්ව තිබෙන අතර ඒ සඳහා බඳවා ගැනීමට පසුගියදා දැන්වීම් පළකර තිබුණි.
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හරේන්ද්‍ර දිසා බණ්ඩාර මහතා කලක් විනිමය කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අතර ඔහු 2013 වසරේදී ඉල්ලා අස්වීමෙන් පසුව එම තනතුර පුරප්පාඩු වූ අවස්ථාවේ සිට එයට අදාළ වැඩකටයුතු සිදුකළේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා මහතායි.
පසුගියදා රැස්වූ සුරැකුම් පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබුණේ පුරප්පාඩු වී තිබෙන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය සඳහා නිසි ක්‍රියා පටිපාටීන් අනුගමනය කරමින් සුදුස්සෙකු බඳවා ගැනීමටයි.
Video Story