මෙරට පළමු එළිමහන් සත්ත්වෝද්‍යානය එයි. දිග පළල අක්කර 44 යි

    April, 17, 2015

    පින්නවල අලි අනාථාගාරයට යාබදව අක්කර 44 ක භූමි භාගයක ඉදිකර ඇති මෙරට ප්‍රථම එළිමහන් සත්ත්වෝද්‍යානය අද විවෘත කෙරෙන අතර මෙරටට ආවේණික සතුන් සඳහා මෙම උද්‍යානය වෙන්කර තිබේ.

    රජය සඳහන් කර තිබෙන්නේ දිවියන්, වළසුන්, මුවන්, කිඹුලන් සංරක්ෂණය කර ඔවුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කිරීමේ කටයුතුද මෙහිදී සිදුකරන බවයි.

    මෙම එළිමහන් සත්ත්වෝද්‍යානය සඳහා රුපියල් මිලියන 862 ක් වැයකර ඇති අතර ඉන් රුපියල් මිලියන 488 ක් මහා භාණ්ඩාගාරය මගින් ලබාදී ඇතැයි රජය කියයි.

    Video Story

    Stock Market

    Exchange Rates