February, 6, 2019
මෙරට වෙළෙඳපොළ අවශ්යතා සපුරාලීම සඳහා ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය වෙත ද්රව පෙට්රොලියම් වායුව මෙට්රික් ටොන් 350,000 ක් මිල දී ගැනීම සඳහා වන ප්රසම්පාදනය අමාත්ය මණ්ඩලය විසින් ප්රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Oman Trading International Ltd. වෙත පිරිනැමීම පිණිස මුදල් හා ජනමාධ්ය අමාත්ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
දිවයිනේ ද්රව පෙට්රොලියම් වෙළෙඳපොළින් 70% ක කොටසක් හිමි ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය ද්රව පෙට්රොලියම් වායුව (LPG) ආනයනය, ගබඩා කිරීම, පිරවීම, දිවයින පුරා අලෙවිකරණයේ හා විකිණීමේ නියැලි රාජ්ය සමාගමකි.
Video Story