May, 7, 2015
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් පී.එල්.සී. සමාගමට අයත් මට්ටක්කුලියේ පිහිටි අංශයේ 2012 මුදල් වසරේ සිට 2014 මුදල් වසර දක්වා සිදුවූවායැයි කියන මූල්‍ය වංචාවක් පිළිබඳව සමාගම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙන අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව සමාගම සඳහන් කරයි.
සමාගම විසින් සිදුකර තිබෙන මූලික පරීක්ෂණ වලදී හෙළිවී තිබෙන්නේ 2012 මුදල් වසරේ සිට 2014 මුදල් වසර දක්වා සිදුවූවා යැයි කියන මෙම වංචාව නිසා රුපියල් මිලියන 24.9 ක පමණ පාඩුවක් සමාගමට සිදුව තිබෙන බවයි.
මෙම වංචාව පිළිබඳව තොරතුරු ලැබුණු පසුව සමාගම විසින් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකර තිබෙන අතර තවදුරටත් වංචාව සිදුවීම වැලැක්වීමට වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගෙන තිබෙන බව සඳහන්ය.
වසර 75 කට ආසන්න ඉතිහාසයක් තිබෙන සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් පී.එල්.සී. සමාගම 1939 වසරේදී පිහිටුවා තිබෙන්නේ බ්‍රිතාන්‍යය රජය විසින් වන අතර සමාගම විසින් එකළ බ්‍රිතාන්‍යය හමුදාව සඳහා සපත්තු නිෂ්පාදනය කර ඇත.
සමාගම මේ වනවිට DI සන්නාමය යටතේ සපත්තු නිෂ්පාදනය කරයි.
1990 වසරේදී රජයේ සමාගමක් බවට පත් කෙරුණු සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් කෝපරේෂන්හි රජය සතුවූ සියයට 90 ක්වූ කොටස් අයිතිය 1991 වසරේදී රජය විසින් පුද්ගලික අංශයට විකුණා දැමීය.
සමාගම විසින් සිදුකළ මහජන කොටස් නිකුතුවෙන් පසුව 2003 සැප්තැම්බර් මාසයේ සිට සමාගම කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබේ.
Video Story