හුන්ඩායි සමගම හඳුන්වා දී ඇති පෙරළිකාරී IONIQ Hybrid සහ Grand i10 මෝටර් රථ මෙරට ආගන්තුක සත්කාරක හා ප්‍රවාහන ක්ෂේත්රයේ ප්රමුඛ තේරීමක් බවට පත්වෙමින් ජෙට්වින් ට්‍රැවල්ස් සමාගමේ සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පනි පීඑල්සී යන සමාගම් වල රථවාහන එකතු වලට එක්වීම පසුගියදා සිදුවිය. මෙම රථ ශ්‍රී ලංකාවට ගෙන්වා අලෙවි කරනු ලබන්නේ, මෙරට තුළ හුන්ඩායි රථවාහන සඳහා එකම නිල නියෝජිතයන් වන හුන්ඩායි ලංකා (පුද්.) සමාගම විසිනි.
ඇමරිකාවේ වඩාත්ම ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත මෝටර් රථය ලෙස ඇගයීමට පත්වී ඇති IONIQ hybrid රථය සහ, නාගරික ගමනාගමනයට මනා විසඳුමක් බවට පත්වී ඇති Grand i10 රථය මේ වනවිට ලෝකයේ රටවල් රැසක මෙන්ම ශ්‍රී ලංකාව තුළද විශාල වශයෙන් ජනප්‍රිය වෙමින් පවතී.
IONIQ Hybrid රථයේ අලංකාර නිමාව සහ පිරිමැසුම්දායක බව නිසා එය සමාගම් හා ආයතන වල ප්රමුඛ තේරීමක් බවට පත්වී තිබේ. අනෙක් අතර ඨර්බා ස10 රථය එහි හුරුබුහුටි පෙනුම සහ ඉඩකඩ නිසා පවුලේ වාහනයක් ලෙස අතිශයින් ජනප්‍රිය වී ඇත.
“ජෙට්වින් ට්‍රැවල්ස් සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පනි පීඑල්සී යන සමාගම් IONIQ Hybrid සහ Grand i10 මෝටර් රථ මිලදීගැනීමට තීරණය කිරීම අපට විශාල සතුටක්. මෙම වාහන වල ඇති දියුණු තාක්ෂණය සහ ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලබාදීමේ හැකියාව නිසා එය අදාළ රථවාහන කාණ්ඩ තුළ ඉදිරියෙන්ම සිටීමට සමත් වී තිබෙනවා.” හුන්ඩායි ලංකා (පුද්.) සමාගමේ අධ්යක්ෂ ජුලියන් රොයිටර් මහතා පැවසී ය.
හුන්ඩායි සමාගමේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සමගාමී වන, විශිෂ්ට මට්ටමේ අලෙවියෙන් පසු සේවාවන් මෙරටට ලබාදීමට හුන්ඩායි ලංකා සමාගම පියවර ගෙන තිබේ. දිවයින පුරා විසිරුණු අලෙවි නියෝජිත ජාලයක් මෙන්ම පැය 24 පුරා මහාමාර්ගයේදී සහය සලසන සේවාවක්ද මීට ඇතුළත් වී ඇත.
“මෙරට ප්රමුඛ පෙළේ සත්කාරක සේවා සන්නාමයක් ලෙස අප තිරසාරත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. අපගේ සියලුම ව්‍යාපාරික කටයුතු පදනම් වී ඇත්තේ සමාගමටත් සියලුම සේවාදායකයන්ටත් ප්රතිලාභ සලසන තිරසාර සංකල්ප මතයි. මෙහි තවත් පියවරක් ලෙස අපගේ රථවාහන එකතුවට Hyundai IONIQ hybrid රථ එක්කර ගැනීමට අප තීරණය කළා. මෙය සුවිශේෂී අංග රැසක් සහිත රථයක් වගේම පරිසර හිතකාමී රථයක් ලෙස නිෂ්පාදනය කරන ලද්දක්. මෙම රථ අපගේ ප්‍රභූ තලයේ පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් සැලසීම සඳහා යොදාගැනීමට අප බලාපොරොත්තු වනවා.” ජෙට්වින් ට්‍රැවල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා ශිරෝමාල් කුරේ මහත්මිය පැවසුවා ය.
“ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක් ලෙස අපගේ පාරිභෝගික පදනම අතිශයින් විවිධාකාරයි. අපගේ ‘CF Budget Hire’ රියදුරු රහිත කුලීරථ සේවාව සඳහා Hyundai’s Grand i10 රථ යොදාගැනීම මගින් මෙම පාරිභෝගික පදනම තවත් පුළුල් කරමින් ඔවුන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමට අපට හැකියාව ලැබෙනවා. මෙය ඔවුන්ට සතුටින් සුවපහසුවෙන් ගමන් බිමන් යාමට ලැබෙන මහඟු අවස්ථාවක් වේවි.” සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ සහකාර සමන්යාධිකාරී අනිල් ගුණතිලක මහතා පැවසී ය.