May, 11, 2015
තමාට අපහාස වන අයුරින් ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශයකට එරෙහිව රුපියල් මිලියන 2000 ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් පවරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.
අද පෙරවරුවේ කොළඹදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම නඩුව පැවරීම සඳහා තම නිතිඥයින්ට උපදෙස් ලබාදී තිබෙන බවයි.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ නව සභාපති ලසන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව ණය ලබාදිය යුතු පුද්ගලයින් පිළිබඳව මුදල් අමාත්‍යවරයා ලිඛිතව හෝ වාචිකව තමන්ට කිසිදු බලපෑමක් කර නොමැති බවයි.
ඇප සුරැකුම් ලබාගනිමින් නිසි පරිදි ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව මේ වනවිට ණය ලබාදෙමින් තිබෙන බවත් රුපියල් මිලියන 1600 ක පමණ ණය මුදලක් මේ වනවිට බැංකුවට අයවිය යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
2006 වසරේදී ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව ආරම්භ කළේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා ණය ලබාදීමේ අරමුණෙනි.
Video Story