ශ්‍රී ලංකාවෙන් ලෝකයට තිළිණ කරන රසබර Alpenliebe Choco Chewz

    July, 29, 2019

    පර්ෆෙටි වැන් මෙලේ (Perfetti Van Melle)  සමාගම හඳුන්වාදෙන නවතම නිෂ්පාදනය වන  'Alpenliebe Choco Chewz'  ලොව අන් සියලුම දෙනාට පෙර රසවිඳීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව උදාවී තිබේ. මෙය හඳුන්වා දී ඇත්තේ ජාත්‍යන්තර රසකැවිලි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන පර්ෆෙටි වැන් මෙලේ සමාගමේ ශ්‍රී ලාංකික සමාගම වන පර්ෆෙටි වැන් මෙලේ ලංකා (පුද්.) සමාගම  [Perfetti Van Melle Lanka (Pvt) Ltd.]  විසිනි. 


    පර්ෆෙටි වැන් මෙලේ ලංකා සමාගම මෙරට 
     ‘Chocolate Chewy’  කාණ්ඩයේ නිෂ්පාදනයක් හඳුන්වා දෙන ප්‍රථම අවස්ථාව මෙයයි. සීදුවේ පිහිටි පර්ෆෙටි වැන් මෙලේ කර්මාන්තශාලාවේදී, ඉතාම උසස් ප්‍රමිතියෙන් යුතුව, මෙම අපූර්ව රසයකින් යුතු නවතම රසකැවිලි වර්ගය නිෂ්පාදනය කෙරේ. 

    මේ පිළිබඳව අදහස් දක්වමින් එම සමාගමේ දේශීය කළමනාකරු මොහිත් භල්ලා මහතා මෙසේ පැවසීය.
     "Alpenliebe  වසර ගණනාවක් තිස්සේ කිසිදු වයස් භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් අතර ජනප්‍රියම රසකැවිලි සන්නාමයක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් වී සිටිනවා. එමෙන්ම 2007 වසරේදී සමාගම ශ්‍රී ලංකාවේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කළ දා පටන්ම අප මෙරටට අලුත් රසයන් හඳුන්වා දීමට පියවර ගත්තා.  Alpenliebe Choco Chewz  යනු, මේ ආකාරයට ශ්‍රී ලාංකිකයන්ට ජාත්‍යන්තර තලයේ රස රැසක් හඳුන්වා දීමේ උත්සාහයේ තවත් එක් සුවිශේෂී පියවරක්.” 

    සීනි සහිත පිටත ස්ථරයක්, ෆොන්ඩන්ට් සහ ඇතුළත සුවිශේෂී රසයක් වශයෙන් තල තුනකින් සමන්විත චොක්ලට් රසකැවිල්ලක් ලෙස 
     Alpenliebe Choco Chewz වෙළඳපොළට පැමිණේ. මෙය ශ්‍රී ලාංකිකයන් කාටත් රසබර අත්දැකීමක් වනු ඇත. 

    “මේ නව නිෂ්පාදනය දිවයින පුරා බෙදාහැරීමට අප දැනටමත් කටයුතු කර තිබෙනවා.  
    Alpenliebe Choco Chewz නිසා Alpenliebe නාමය ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් වලට තවතවත් සමීප නාමයක් බවට පත්වේවි.” පර්ෆෙටි වැන් මෙලේ ලංකා සමාගමේ විකුණුම් ප්‍රධානී සේසිරි හේවගේ මහතා පැවසීය.

    පර්ෆෙටි වැන් මෙලේ යනු ඉහළම තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන, අතිනවීන තාක්ෂණය සහ උපකරණ භාවිතයෙන්, නැවුම් ආකාරයේ නිෂ්පාදන නිපදවන සමාගමක් ලෙස විශ්වාසය දිනාගත් සමාගමකි. 2007 වසරේදී ස්ථාපිත කරන ලද පර්ෆෙටි වැන් මෙලේ ලංකා සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ රුචිකත්වයට හොඳින්ම ගැළපෙන නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට සමත් වී තිබේ. 

    දැන් රු. 5 ක් වැනි සුළු මිලකට, කොටස් දෙකක් සහිත තනි ඇසුරුමකින් 
    Alpenliebe Choco Chewz මිලදීගත හැක.

    ඡායාරූප: පර්ෆෙටි වැන් මෙලේ ලංකා සමාගමේ දේශීය කළමනාකරු මොහිත් භල්ලා මහතා 
    Alpenliebe Choco Chewz   හඳුන්වාදීමේ අවස්ථාවේදී රැස්ව සිටි පිරිස අමතමින්