July, 30, 2019
ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) පාරිභෝගිකයින් වෙත වැඩි දියුණූ කළ සේවාවක් සලසා දීම සදහා හඳුන්වාදුන් නව ''CEB Care'' ඇප් පහසුකම පිළිබඳව අතිශයින් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇත.
පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් තොරතුරු ලබා දීම හා උසස් සේවාවක් ලබා දීම සහතික කිරීම අරමුණු කරගත් මෙම නව පියවර මගින් විප්ලවීය ඩිජිටල් අත්දැකීමක් ලබා දෙයි.
මෙහිදී ක්ලික් කිරීමක් මගින් අත්‍යවශය විදුලි තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව උදාකර දී ඇති අතර මෙම ඇප් පහසුකම පිළිබඳව පාරිභෝගිකයින්ගෙන් ලැබෙන ප‍්‍රතිචාරය ඉතා ඉහළ මට්ටමක පවතී.
ලංවිම පාරිභෝගිකයින්ගෙන් නව ඇප් පහසුකම පිළිබඳව ලැබූ විශිෂ්ඨ ප‍්‍රතිචාර අතර ‘ආකර්ෂණීය හා ඉතා ප‍්‍රයෝජනවත් පහසුකමක්’, ‘හොඳ සංකල්පයක්’ , ‘ප‍්‍රයෝජනවත් තොරතුරු’ වැනි ඉහළ මට්ටමේ ප‍්‍රතිචාර ලැබී තිබුණි.
''CEB Care'' ඇප් පහසුකමෙහි මූලික පරමාර්ථය වනුයේ පාරිභෝගිකයන් සඳහා වැඩි දියුණු කළ සේවාවක් ලබා දෙමින් පාරිභෝගික කේන්ද්‍රීය ක‍්‍රියාකාරිත්වයක් සහතික කිරීමයි. එහිදී ''CEB Care'' ඇප් පහසුකම ඩවුන්ලෝඞ් කර ගැනීමෙන් පාරිභෝගිකයින්ට වඩාත් ඉක්මන් විශ්වාසනීය තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව සහ වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමේ අවස්ථාව උදාකර දෙයි.
''CEB Care'' ඇප් පහසුකම එළිදැක්වීම විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ගරු අමාත්‍ය රවී කරුණානයක මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2019 ජුනි මස 17 වන දිනBMICH ය හිදී සිදු කෙරිණි.
මෙම ජංගම යෙදුම එළිදැක්වීම ලංකා විදුලිබල මණ්ඩලයේ 50 වන සංවත්සරයට සමගාමීව චාම් ලෙස සිදු කෙරුනු අතර විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ, ලංවිම සභාපති රඛිත ජයවර්ධන මහතා සහ ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරී ඞී. ඞී. කේ. කරුණාරත්න මහත්වරුන් ඇතුළු ලංවිම නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
ලංවිම සභාපති රඛිත ජයවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසිය. ”අපගේම ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ජාත්‍යන්තර මට්ටමේ මෙම ඇප් පහසුකම දියත් කිරීම ගැන අපි ආඩම්බර වන්නෙමු. අපගේ අරමුණ වන්නේ විදුලි බලය තුළින් ජනතාවගේ ජීවිතය සාරවත් කිරීමයි. මෙම ඇප් පහසුකම එළිදැක්වීම තුළින් පාරිභෝගිකයින්ට උසස් සේවාවක් සැපයීම, වැඩි දැනුවත් කිරීමක් සහ විනිවිදභාවයක් ලබා දිමට හැකි වීම අපගේ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් ”
''CEB Care'' ඇප් පහසුකම ඉදිරියේදී මිලියන 6.5කට අධික ලංවිම පාරිභෝගිකයන් වෙත ලබා දෙමින් සරල විදුලිබල ඇනහිටීම්වල සිට මාර්ග අනතුරු දක්වා පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව ලබා දෙනු ලබයි. එසේම නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීම් දින දර්ශනයක් හරහා, ඇතිවිය හැකි ඇනහිටීම් පිළිබඳව දැනුවත් කිරීම තුළින් පෙර සුදානම් කිරීම් ඇතුළු විදුලි බලය සම්බන්ධ කරුණු පිළිබඳ තොරතුරු මෙම`ගින් ලබා දෙනු ඇත.
මෙම ඇප් පහසුකම හරහා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ විදුලි භාවිතය අධීක්ෂණය කරගැනීම සඳහා බිල් කැල්කියුලේටරයක් සමඟ බිල්පත් තොරතුරු පහසුකම් ලබා දෙයි. ඔන්ලයින් බිල් ගෙවීමේ පහසුකම මෙහිදී පාරිභෝගිකයින්ට හිමිවන තවත් විශේෂාංගයකි. ගෙවීම් ද්වාරය භාවිතා කිරීමෙන් පාරිභෝගිකයින්ට ක්ලික් කිරීම් කිහිපයක් මගින් අන්තර්ජාලය හරහා ඔවුන්ගේ බිල්පත් ගෙවීම් පහසුකම් හිමිවේ.
පරිශීලකයාගේ නම, ඊමේල් ලිපිනය සහ ජාතික හැඳුනුම්පත් අංකය ඉල්ලා සිටින සරල ලියාපදිංචි කිරීමේ ක‍්‍රියාවලියක් හරහා පාරිභෝගිකයින්ට පහසුවෙන් මෙම ''CEB Care'' ඇප් පහසුකමේ ගිණුමක් සැකසිය හැකිය. එහිදී තනි පරිශීලක පැතිකඩක් යටතේ ගිණුම් කිහිපයක් සැකසීමට සහ කළමනාකරණය කිරීමට පහසුකම් සලසා ඇත.
''CEB Care'' ඇප් පහසුකම iOS උපාංග සඳහා App Store වෙතින් සහ ඇන්ඩ්‍රොයිඞ් භාවිතා කරන්නන් සඳහා Google Play වෙතින් ලබා ගත හැකිය. එසේම එය ලංවිම වෙබ් අඩවිය වන www.ceb.lk හරහා ද බාගත කරගැනීමට හැකිය.
ඡායා - විදුලිබල , බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ගරු අමාත්‍ය රවී කරුණානයක මහතා ‘ක්‍ෑඊ ක්‍්රු’ මොබයිල් ඇප් පහසුකම එළිදැක්වීමේ උත්සවයේ ප‍්‍රධාන කතාව පවත්වමින්. මෙම ඇප් පහසුකම දියත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලයේ 50 වන සංවත්සරයට සමගාමීව සිදු විය.
Video Story