August, 21, 2019
මෙම අභියෝගාත්මක ජාතික වගකීමට උර දෙන්නට ශ‍්‍රී ලංකා යුද හමුදාව නිර්භීතව ඉදිරිපත් වීම ඉතා ප‍්‍රශංසනීයය. එහෙත් මෙම ක‍්‍රියාදාමය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව සඳහන් කළ යුතුය. මේ සඳහා ශ‍්‍රමය කැප කිරීම මෙන්ම දිගු කාලීනව මෙම තුරුලතා රැුකගැනීම දුෂ්කර කාර්යයකි. වියළි කලාපිය ප‍්‍රදේශවල දක්නට ලැබෙන ජල හිඟය මෙන්ම මිනිසුන්ගේ ආකල්පමය හේතුන් මෙම කාර්යය තවත් අසීරු කරවයි. මහා වනාන්තරයක් කපා විනාශ කිරිම එක් ක්ෂයනයකින් සිදු කළ හැකිය. නමුත් නැවත පැල සිටුවා එය රැක බලා ගෙන යථා තත්ත්වයට පත් කර වනසතුන් හුරු කරවීමට වසර ගණනාවක් ගතවේ. එය දීර්ඝ කාලින අභියෝගාත්මක දැවැන්ත ක‍්‍රියාවලියකි.
මේ අවස්ථාවේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන දේශීය සමාගමක් ලෙසත්, රටේ ජාතික අවශ්‍යතාවන්ට උරදෙමින් නිරතුරුව සමාජ සත්කාරක වැඩසටහන් දියත් කරන සන්නාමයක් ලෙසත්, ‘‘රිට්ස්බරි” විල්පත්තුවට යලි පණ දෙන ක‍්‍රියාන්විතයේ මුල්‍යමය දායකත්වය ලබා දීමට ප‍්‍රථම අනුග‍්‍රාහකයා ලෙස ඉදිරිපත් විය.
ඒ අනුව රිට්ස්බරි මෙම ව්‍යාපෘතියේ මූලික අඩිතාලම දමමින් පෙරමුණ ගෙන ක‍්‍රියා කළේය. ශ‍්‍රී ලාංකික දේශීය සන්නාමයක් ලෙස රිට්ස්බරි වාණිජ අරමුණම පමණක් නොව ඉන් ඔබ්බට යමින් මෙරට දැවැන්ත සමාජ සත්කාරක වැඩසටහන් වලට ඉතා සක‍්‍රීයව සිය දායකත්වය ලබා දුන් වෙළ`ද සන්නාමයකි. එම නිසා මෙම ව්‍යාපෘතිය රිට්ස්බරි සමාජ සත්කාර වැඩසටහන් අතර තවත් එක් කැපී පෙනෙන ව්‍යාපෘතියක් ලෙස ස`දහන් කළ හැක.
Video Story