September, 2, 2019
ප්‍රයිම් Splendour සහ Wrendale සමගින් ප්‍රයිම් රෙසිඩන්සීස් සුඛෝපභෝගී නාගරික ජීවිතයට නව මානයක් එක් කරයි
ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක හා විශ්වසදායී දේපල සංවර්ධන සමාගම වන ප්‍රයිම් ලෑන්ඞ්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන ප්‍රයිම් රෙසිඩන්සීස් සිය නවතම සහාධිපත්‍ය සුපිරි නිවාස සංකීර්ණ ද්විත්වය වන ප්‍රයිම් ස්ප්ලෙන්ඩර් සහ ප්‍රයිම් රෙන්ඬේල් හි සියලූම ඒකක අලෙවි කරමින් කර්මාන්තයේ ප්රමුඛ ස්ථානය තහවුරුකිරීමට නැවතත් සමත් වී තිබේ.
‘‘මිහිකතෙන් හොඳම තැනක් ’’ යන දැක්ම සමග ක්‍රියාත්මක ප්‍රයිම් රෙසිඩන්සීස් සැමවිටම කොළඹ සහ ඒ ආශ්රිත ප්‍රදේශයන් හි ඉහළම තත්ත්වයේ සුපිරි නිවාස පාරිභෝගිකයන්ට ලබා දෙයි. එසේම නිසංසල සුපහසු ජීවන රටාවත් සමග කොළඹට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක පිහිටීම යන කරුණු නිසා වඩාත් සමබර අගනගර ජීවන රටාවකට හිමිකම් කීමේ අවස්ථාවද මේ නිසා එහි නිවැසියන්ට හිමි වෙයි.
මෙම සුඛෝපභෝගී මහල් නිවාස ද්විත්වයේ පළමුවෙන් වැඩ නිමවූ ප්‍රයිම් ස්ප්ලෙන්ඩර් හි නිවාස ඒකක 68 ම පාරිභෝගිකයින් ඉතාමත් කඩිනමින් වෙන්කරවා ගනු ලැබීය. කොළඹට නුදුරු රාජගිරිය ප්‍රදේශයේ නිමවූ මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය, ප්‍රිය සම්භාෂණ පැවැත්විය හැකි ඉහල මහලක්, ළදරු පිහිනුම් තටාකයක් සහිත විශාල පිහිනුම් තටාකයක් මෙන්ම ඉහළ මහලේ අංග සම්පූර්ණ ව්‍යායාම මධ්‍යස්ථානයකින්ද ආදී විශේෂාංග රැුසකින් සමන්විත වේ.
නිවාස ඒකක 54 කින් සමන්විත ප්‍රයිම් රෙන්ඬේල් ව්‍යාපෘතියද රාජගිරිය ප්‍රදේශයේ දැකුම්කළු වටපිටාවක් සහිත මනරම් ස්ථානයක පිහිටා ඇති අතර ප්‍රයිම් ස්ප්ලේන්ඩර් සතු සියලූ පහසුකම් ප්‍රයිම් රෙන්ඬේල් සතු වේ.
ප්‍රයිම් සමුහයේ නියෝජ්‍ය සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය මේ පිලිබඳ අදහස් දක්වමින්, ‘‘ පුළුල් මාවත්,ආපන ශාලා ,සාප්පු සංකීර්ණ, බැංකු සහ පාසල් යනාදී සියලූ දෙයින් අංග සම්පූර්ණ රාජගිරිය වාසය කිරීමට වඩාත් සුදුසු ප්‍රදේශයක්. සාපේක්ෂව දැරිය හැකි මිලකට සුපිරි සුඛෝපභෝගී ජීවන රටාවකට උරුමකම් කීමට රාජගිරියේ පිහිටි මෙම නිවාස සංකීර්ණ ද්විත්වය ඔබට අවස්ථාව ලබා දෙනවා යැයි” ඇය පවසයි.
සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති ඒකක 41 ක් නිම කිරීමේ ප්‍රයිම් රෙසිඩෙන්සීස් ව්‍යාපෘතිය තුළ 2019 ඉලක්කයන් සපුරාලීමට මෙම නිවාස ව්‍යාපෘති ද්විත්වය සමග ප්‍රයිම් රෙසිඩෙන්සීස් වෙත හැකියාව ලැබී තිබේ. ප්‍රයිම් රෙසිඩෙන්සීස් හි සියලූම ව්‍යාපෘති නිවාස සහ සමෘද්ධි අමාත්‍යංශයේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සහාධිපත්‍ය සහතිකය හිමි ව්‍යාපෘතීන් වේ. සහාධිපත්‍ය අධිකාරියේ වෙබ් අඩවිය වන www.condominium.lk මගින් සහාධිපත්‍ය අනුමැතිය හිමි ව්‍යාපෘති පිලිබඳ සියලූ තොරතුරු ලබා ගත හැකි වේ.
‘‘මිහිකතෙන් හොඳම තැනක් ’’යන දැක්ම සමග ක්‍රියාත්මක ප්‍රයිම් රෙසිඩන්සීස් සැමවිටම කොළඹ සහ ඒ ආශ්රිත ප්‍රදේශයන් හි ඉහළම තත්ත්වයේ නිවාස පාරිභෝගිකයන්ට ලබා දෙයි.
ප්‍රයිම් රෙසිඩන්සීස් හි මව් සමාගම වන ප්‍රයිම් ලෑන්ඞ්ස් පුද්ගලික සමාගම මීට වසර 24 කට පෙර ආරම්භ කරන ලද අතර අද වන විට දේපල සංවර්ධන ක්ෂේත්රයේ ප්රමුඛ ස්ථානයක් ලබා ගැනීමට සමත්ව තිබේ, ශ්‍රී ලංකාවේ සම්මානනීය සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඞ්ස් පසුගිය වසරේ ‘‘ප්‍රොපර්ටි ගුරු” ආසියානු දේපල ව්‍යාපාර සම්මාන උළෙලේදී Best Developer’ යන සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. එසේම ශ්‍රී ලංකාවේ සේවය කළ හැකි හොඳම සමාගම් 25 අතරට අඛණ්ඩව 5 වතාවක් තේරී පත්වීමට ප්‍රයිම් ලෑන්ඞ්ස් සමත් වූ අතර LMD ව්‍යාපාරික සඟරාව මගින් වඩාත් ගෞරවනීය සමාගම් ලැයිස්තුවට 2016 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව තෙවරක් ඇතුලත් කර ඇත.
Video Story